Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මාස 18 ඇතුලත ඩොලර් බිලියන 7.7 ක් ණය අරන් යහපාලන නැටු නාඩගම

මේ ආණ්ඩුව දැන් ඉන්නෙ ණය ලබා ගන්න  ඕනම කොන්දේසියකට එකඟ වෙන මානසිකත්වයක. මම ආණ්ඩුවට ඉතා  ඕනකමින් කියා සිටින්නෙ මේ අවස්ථාවේදී මේ බැංකු 5ත් සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුමත් නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් දී තිබෙන උපදෙසුත් වහාම පාර්ලිමේන්තුවේ සභාගත කල යුතු බවයි. මේ තීරණාත්මක මොහොතේදී ආණ්ඩුවේ මූල්‍ය කලමනාකරණය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට වාර්ථා වෙන්න  ඕන. අපේ රට අවුරුදු 30 ක යුද්ධයකට මුහුණ දීල තියෙනව. ඒ අතරතුර දකුණේ සන්නද්ධ කැරලි 2ක් ඇතිවෙලා තියෙනව. විදේශිය හමුදාවක් පවා මේ රටේ ස්ථානගත වෙලා ඉදල තියෙනව. නමුත් මේ යහපාලන ආණ්ඩුවේ වියරු ණය ගැනීමෙන් ඇතිවෙලා තියෙන තරම් දරුණු අර්බුදයක් අර සියලුම කලබැගෑනි අස්සෙවත් ලංකාවට ඇති වුණේ නැහැ.