Uncensored News Of The Sri Lankan Regime

Advertisement

බුද්ධි අංශ පාවාදිමේ තවත් පියවරක්! හමුදා බුද්ධි අංශ තොරතුරු රහස්‌ පොලිසියට ඉල්ලයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වර්ෂ 2008 ජනවාරි 01 වැනිදා සිට 2009 ජනවාරි 31 වැනිදා තෙක්‌ කාලය තුළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ සම්පූර්ණ විස්‌තරයක්‌ ලබාදෙන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදා නීති අංශයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

ඒ අනුව එම බළකායේ කඳවුරු පිහිටි ස්‌ථාන එහි අණදෙන නිලධාරියාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, භාවිතා කළ දුරකථන අංක අදාළ නිලධාරීන් සඳහා ජංගම දුරකථන නිකුත් කළ නිලධාරියාගේ විස්‌තර භාවිතා කළ සියලු රථ වාහන හා එහි අංක හා එහි අයිතිකරුවන් පිළිබඳ විස්‌තර ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

අතිශය රහසිගත හා සුවිශේෂී මෙහෙවරක නිරතවූ බුද්ධි අංශ නිලධාරීන්ගේ සියලු තොරතුරු මේ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අතට පත්වීමට නියමිතය.