Uncensored News Of The Sri Lankan Regime

Advertisement

සිරිසේනගෙන් චතුරිකාට කණේ පාරක්! අකිලත් ඉල්ලන් කාලා

බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රැස් ගෙන පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනා ඉවත් කිරිමට ගිය සිරිසේනගේ දියණිය වු චතුරිකා සිරිසේන ගත් ක්‍රියාමාර්ගයක් සිරිසේන අත් හිටුවිමේ සිද්ධියක් වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වූ චතුරිකා සිරිසෙන පසුගිය දිනෙක අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කර පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙපළ බෙහෙවින්ම කරදරකාරී බවත් වහාම ඔවුන්ව පාසලෙන් මාරු කරන ලෙසත් දන්වා තිබේ.

එම නියෝගය ප්‍රකාරව ක්‍රියාත්මක වූ අධ්‍යාපන බලධාරීහු මෙම විදුහල්පතිවරුන් දෙදනාගේ මාරුවීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්වෙත යොමුකර තිබේ. ජනාධිපති දියණියගේ ඉල්ලීමක් නිසා වැඩිදුර කල්පනා නොකළ අකිල එම මාරුවීම අනුමත කර නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනා මින්නේරිය ජාතික පාසල වෙත යවා ඇත.

හිටි හැටියේ මෙම මාරුවීම ලැබීමෙන් කලබල වූ නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙපල වහාම වෙලාවක් රැගෙන තමන්ගේ ගමේ නායකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව හමුවී තමන්ට සිදුවුණු අසාධාරණය දන්වා තිබේ. තමනුත් නොදැන තම ගමේ පාසලේ විදුහල්පතිවරුන් මාරුකර යැවීම නිසා දැඩි සේ කිපුණු ජනාධිපතිවරයා යළිත් අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කර ඉහළම අධ්‍යාපන බලධාරීන්ට පදුරු යන සේ බැණ මෙවැනි අත්තනෝමතික මාරුවීම් අතාර්කිකව නොකරන ලෙස අවවාද කර ඇත. ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය විදුහල්පතිවරු දෙපළ පොලොන්නරුව රාජකීය විද්‍යාලයටම යළි පත් කරන ලෙස නියෝග කර තිබේ.

දියණියගේ ඉල්ලීම ඉටු කරන්නට ගොස් පියාගෙන් බඩ කට පුරා කෑ අධ්‍යාපන බලධාරීන් මෙන්ම මේ මාරුවීම යළිත් ලබා දීම අනුමත කළ යුතු අධ්‍යාපන අමාත්‍යවරයාත් කැරකී ගොස් ඇතැයිද වාර්තා වේ.