Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෙන්න උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය- දුෂණය කර ඝාතනය කල විත්‍යාගේ සාක්ෂි ඩොසර් කරයි

යාපනය අධිකරණයට ගල් ගෑසිමට බෙදුම්වාදීන් කටයුතු කල විත්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කිරිමට සම්බන්ධ මළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් සහ නීතීඥ තවරාසා බේරා ගැනිම සදහා රජයේ ඉහළ බලපැමක් මත පරික්ෂණ කටයුතු සියල්ලම වෙනතකට යොමුකරමින් සිටින බව අප යාපන වාර්තාකරු සදහන් කළා. 

ශ්‍රමදානයක් මුවාවෙන්  පුංකුඩුතීව් ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර යොදාගෙන විත්‍යා සිසුවියගේ ඝාතනය පිළිබඳ සාක්‍ෂි නැති කර ඇති අතර විත්‍යාගේ ඥාතීන්ගේ විරෝධය දැක්වුවද ඔහුන් එය නොතකා සියලු සාක්ෂි ඩොසර් කරදමා තිබේ.

විත්‍යා සිසුවිය ඝාතනය කල මහ මොළකරුවන් ආරක්‍ෂා කිරීමට සැළසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ත්‍යාගරාසා තුවාරගේෂ්වරන් ප්‍රසිද්ධියේ චෝදනා කර තිබේ.