Uncensored News Of The Sri Lankan Regime

Advertisement

විමල්,මලික් “Otters Club” හමුව දුරදිග යයි….“CCTV” දර්ෂණ ආණ්ඩුවේ ප්‍රබල නායකයෙකු ලග!

එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් අතර කොළඹ “Otters Club” හී මීට තෙදිනකට පෙර රාත්‍රියේ සිදු වූයේ යැයි කියන රහස් හමුව පිළිබද තොරතුරු හෙළිවීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වී තිබේ.

මේ රහස් හමුව පිළිබද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර ඇති අතර මේ පිළිබද තොරතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද වාර්තාවී තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙසේ මලික් සමරවික්‍රම මහතා හමුවී ඇත්තේ ඔහුගේ බිරිය වන සශී වීරවංශ මහත්මියගේ බලකිරීම මත බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන සිටියි.

මේ රහස් හමුව සිදු වූ දිනයේ “Otters Club” හී “CCTV” කාමර පරික්ෂා කිරීම සදහා ආණ්ඩුවේ ප්‍රබල නායකයෙකු ප්‍රබල ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් යවා ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප සතුව පවතින අතර ඒ පිළිබඳව පුලුල් අනාවරණයක් බලාපොරොත්තු වන්න