Uncensored News Of The Sri Lankan Regime

Advertisement

2015 ජනාධිපති කළේ වැරදි පුද්ගලයෙක් …. ෆොන්සේකා සිරිසේනට කුඩු වෙන්න දෙයි…

වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කිරීම නිසා අද වන විට එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම රටද මේ තත්වයට පත්ව ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා අද මෛත්‍රීපාල සිරිසේනට චොදනා කර සිටියා.

සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාගනයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුම අමතමින් සරත් ෆොන්සේකා සදහන් කළේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පිටස්තර පුද්ගලයෙකු ඉදිරිපත් නොකර එක්සත් ජාතික පක්‍ෂයේම අයෙක් ඉදිරිපත් කල යුතු බවයි.

මෙවර කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබා දුන්නේ විදේශීය රටවල ආකල්පයන් ද සලකා බැලීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට පැවැසී යැයි වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා එහිදි අනාවරණය කර සිටියා.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට අගමැතිවරයා නිර්දේශ කරන ලද්දේ තමන්ව බවත් එය නොලැබුණේ ජනාධිපති සිරිසේන මහතාගේ විරෝධය නිසා බවත් ඇමැතිවරයා කියයි.

හමුදාපති ධුරය දැරූ බැවින් තමන්ට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා නොදෙන ලෙස විදේශීය රටවලින් ඉල්ලීමක් තිබූ බව ඒ පිළිබඳව සිදු කළ විමසීමකදී ජනාධිපතිවරයා තමන්ට පැවැසී යැයි ෆොන්සේකා මහතා කියා සිටී. විදේශීය ආකල්පවලට යටත් වෙමින් රට කරවන නායකයකුව පත්කර ගැනීම ගැන තමන් මේ මොහොතේ කනගාටු වන බවද ඇමැතිවරයා පවසයි.

http://198.211.112.164/archives/17633