Uncensored News Of The Sri Lankan Regime

Advertisement

හම්බන්තොට වරාය විකිණීම පසුපස රුපියල් මිලියන 50,000ක මූල්‍ය අපරාධයක්!

හම්බන්තොට වරාය චයිනා හාබර් සමාගමට විකුණා දැමීමට තක්සේරු කළ වටිනාකම වූ ඩොලර් මිලියන 1,100ක මුදලටත් වඩා ඩොලර් මිලියන 102ක් අඩුවෙන් ලැඛෙන බව පාර්ලිමේන්තුවේ දී අනාවරණය වී තිබේ.

හම්බන්තොට වරාය ඉදි කිරීමට මෙරට රජය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැරූ මුදලට අමතරව චයිනා එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 1,300ක ණය මුදලක් ගෙන තිබිණි. නමුත්, එම වරාය චයිනා හාබර් සමාගමට විකිණීමේ දී එම සමාගම විසින් තක්සේරු කර ඇත්තේ, ඩොලර් මිලියන 1,100කටය. එසේ තිබියදීත්, වත්මන් ආණ්ඩුව එය විකුණන ලද වටිනාකම ඩොලර් මිලියන 973.65 (ඩොලර් 97,36,58,000)ක් වූ මිලකටය. එය ද රජයට එකවර නොව වාරික කිහිපයකින් ලැඛෙන පරිදිය.

වාරික වශයෙන් මුදල් ලබා ගැනීමට ද ආණ්ඩුව ඉටු කළ යුතු අලූත් කොන්දේසි චයිනා හාබර් සමාගම විසින් පනවමින් සිටී. හම්බන්තොට වරාය ආශ්‍රිත භූමියේ පිහිටා තිඛෙන විදුලිබල මණ්ඩලයට අයත් සුළං විදුලි බලාගාරය ඉවත් කරගෙන යාමට නියෝග කර තිබීම නිදර්ශනයක්ය.

එවැනි කොන්දේසි ඉදිරිපත් කරමින්, වාරික කිහිපයක දී මුදල ලබා දීමට අමතරව රාජ්‍ය භාගය යනුවෙන් හැඳින් වූ ඩොලර් ලක‍ෂ 75ක් අවුරුදු විසිපහක දී ගෙවීමට නියමිත වී ඇත. මේ අනුව මෙම වරාය විකිණීමෙන් එය ඉදි කිරීමට ලබා ගත් ඩොලර් මිලියන 1,200ක ණය සමඟ සසඳන විට ඩොලර් මිලියන 318.9ක් හෙවත් රුපියල් මිලියන 50,000ක පමණ මූල්‍ය අපරාධයක් සිදු කර ඇත.

ප්‍රියදර්ශන දයාරත්න