Uncensored News Of The Sri Lankan Regime

Advertisement

තනි ඡන්ද පදනමක් නැති විමල් කියන කතා ගණන් ගන්න එපා… විරෝධතා නොතකා මහින්ද විධායකය එලවන සටනට

Published on: Mar 5, 2019- තනි ඡන්ද පදනමක් නොමැති විමල් වැනි අයෙකු කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් කලබල නොවන ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඒකාබද්ධයේ ප්‍රබලයන් පිරිසක් සමග සිය නිවසේ කල සාකච්ඡාවකදි කියා තිබේ.

තවදුරටත් ජනාධිපතිවරයෙකු ලෙස පත්විම සිහිනයක් පමණක් බවත් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ක්‍රමයක් හරහා විධායක බලතල අයෙකු අගමැති ලෙස පත්කර ගැනිම නුවනට හුරු බවයි මහින්ද එහිදි පෙන්වා දි ඇත්තේ.

විධායක ජනාධිපති ධුරය සංශෝධනය කිරීම සම්බන්ධව ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීම ස්ථිර බවයි මහින්ද රාජපක්ෂ අවධාරණය ඇත්තේ.

විපක්‍ෂ නායක ලෙස විපක්‍ෂයේ පක්‍ෂ සමගින් සාකච්ඡා කිරීම තම යුතුකමක් බවත් ඒ අනුව මෙම සතියේදී පැවැත්වෙන සාකච්ඡා වලදී 20 වන සංශෝධනය හා විධායකය අහෝසි කිරීම ආදී කාරණා ගැන සාකච්ඡා කිරීමට සුදානම් ව සිටි.

කෙසේ වුවත් මෙම සාකච්ඡා පැවැත්වීම සම්බන්ධව විමල් වීරවංශ මන්ත්‍රීවරයා දැඩි විරෝධයක පසුවන අතර ඒ බව ඔහු අවස්ථා ගණනක ප්‍රකාශ කර ඇති අතර සාකච්ඡා කලහොත් මහින්ද අතහැර යන බවටද අනතුරු අගවා තිබේ.