Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අමෙරිකානු පුරවැසිභාවය ගෝඨා අතහැරලා ද? ගෝඨාගේ තොරතුරු ඉල්ලා මැකෝට RIT ඉල්ලීමක්……..

විශේෂ ලියුම්කරුවෙකු විසිනි,

Published on: Oct 7, 2019 – පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා තම නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ඇත. ඔහුගේ එම  ඉල්ලුම් පත්‍රයට අදාළව කෙරෙන මෙම පැමිණිල්ල තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරන්නෙමි.

රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය  සහතික කිරීමේ ලේඛණය සහ නව හැඳුනුම්පතක් ලබා ගැනීමෙන් අවලංගු වූ පැරණි ජාතික හැඳුනුම්පත භාවිතා කොට 2017,2018,2019 යන වර්ෂ සඳහා වූ ඡන්ද නාම ලේඛණ වල  ලියාපදිංචි වී තම ඡන්දය භාවිතා කිරීම, මෙරට පුරවැසියන් දෙදෙනෙකු විසින් අභියෝගයට ලක කිරීම හේතු ඉදිරිපත් කිරීමකින් තොරව අභියාචනාධිකරණය විසින් ප්‍රත්ක්ෂේප කළේය.

අදාළ තීන්දුව ලබාදීමෙන් පසු පැමිණිලිකරුවන්ට එරෙහිව මරණීය තර්ජනය එල්ල වූ පණිවිඩ රාශියක් සමාජ මාධ්‍යයන් ඇතුළු මාධ්‍යය ප්‍රවාහයන් රාශියක ප්‍රසිද්ධ විය. ඒ නිසා මෙම අයදුම පත ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන මා, මාගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීමෙන් වැළකී සිටිමින් ඉදිරිපත් කරන්නෙමි. ඒ සඳහා, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකා රාජ්‍යය අත්සන් තබා ඇති ජාත්‍යන්තර ප්‍රඥප්ති ප්‍රකාරව මා හට ඇති අයිතියට ගරු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

එසේම, මෙම අයදුම්පත පොදුජනතාවගේ අවශ්‍යතාවයක් ලෙස සලකා ඊට අදාළ නිවැරදි තොරතුරු ලබාදීමට මැතිවරණ කොමසාරිස් තුමා ඇතුළු ශ්‍රී ලංකා මැතිවරණ  කොමිෂන් සභාව කටයුතු කරණු ඇතැයි බලාපොරොත්තු වෙමි.