Uncensored News Of The Sri Lankan Regime

Advertisement

නියත ජනපති සජිත්… ගෝඨාභය පරාද බව රෝ,ඇතුලු බුද්ධි අංශ තහවුරු කරයි… මෙන්න ඇත්ත …

Published on- Nov 5, 2019 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉන්දියාවේ රෝ බුද්ධි අංශය සහ  ලංකාවේ බුද්ධි අංශ ගණනවක් විසින් සිදු කළ පුරෝකථන සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

එම ප්‍රතිඵලය අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට වඩා ඡන්ද ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටිනවා.

එම බුද්ධිඅ අංශ වාර්තා අනුව කොළඹ, මහනුවර, නුවරඑළිය, මාතලේ, මාතලේ, යාපනය, මඩකළපුව, වව්නියාව, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක 11 ජය සජිත් ප්‍රේමදාස වෙත හිමිවන වේ.

ගාල්ල, කළුතර, ගම්පහ, මාතර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, කෑගල්ල, රත්නපුරය ඇතුළු දිස්ත්‍රික්ක 13 ක ජය ගෝඨාභය රාජපක්ෂට හිමි වේ.

එසේ වූවද ලබා ගත් ඡන්ද ප්‍රමාණය අනුව සජිත් ප්‍රේමදාස ට ජයග්‍රහණය හිමිවන බවයි එම බුද්ධි අංශ වාර්තා සඳහන් කරන්නේ.

එසේම ගෝඨාභය රාජපක්ෂ විසින් දැනට ජයග්‍රහණය කරන බවට පුරෝකතන කර ඇති දිස්ත්‍රික්ක 4 ක සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂට වඩා ඡන්ද 500කින් පිටුපසින් සිටින බවත් අවසන් සතියේ එම තත්ත්වය වෙනස් වී එම දිස්ත්‍රික්ක හතරේ ජයග්‍රහණය ද සජිත් ප්‍රේමදාස වෙත ලැබීමට ඉඩ කඩ වැඩි බවත් එම බුද්ධි අංශ වාර්තා වැඩිදුරටත් පවසා සිටිනවා.