Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ගෝඨාභයට හෙනහුරා කඩා පාත්වෙයි … ජෝතිෂ්‍ය අනුවත් ගෝඨා පරාදයි…. රාජපක්ෂලා සඟවන ඇත්ත මෙන්න!

රනිල්ට එරෙහි වූ සිංහ රාශියේ සිටි හෙනහුරා ගෝඨාභයට ද සිංහ රාශියේ සිට එරෙහි වෙයි.එම නිසා ජෝතිෂ්‍ය සිද්ධාන්ත මත ගෝඨාභයගේ ජනපති සිහිනයට හෙනහුරා හරස් වෙයි.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරු බිහි කිරීමේදී සෙනසුරු ග්‍රහයාට විශේෂ තැනක් හිමිවී ඇත.උප්පත්ති කේන්ද්‍ර සටහනේ සෙනසුරු ග්‍රහයා සමබල-මිත්‍ර-ස්වක්ෂේත්‍ර-උච්ච බලයෙන් උපත ලැබූවන්ට විධායක ජනපති වීමේ හැකියාව නිරන්තරයෙන් ලැබී ඇත.

අප ඒ සඳහා ලංකාවේ බිහිවූ විධායක ජනාධිපතිවරු 06 දෙනා පිළිබඳව සොයා බලමු.

ජේ.ආර් ජයවර්ධන මැතිතුමා –
කන්‍යා ලග්නයෙන් උපත ලැබූ එතුමාගේ හය වැන්න වූ කුම්භ රාශියේ සෙනසුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් තැන්පත්ව සිටි නිසා ඔහු 1 වෙනි විධායක ජනාදිපති විය.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා –
මේෂ ලග්නය හිමි එතුමන්ගේ 7වැනි භාවය වූ තුලා රාහියේ සෙනසුරු ග්‍රහයා උච්ච බලයෙන් සිටීම නිසා ඔහු 2වෙනි විධායක ජනාධිපති විය.

ඩී.බී විජේතුංග මැතිතුමා –
ඒ මහතාගේ උප්පත්ති ග්‍රහ පිහිටීම අනුව මිථුන රාහියේ මිත්‍ර භාවයෙන් සෙනසුරු ග්‍රහයා තැන්පත්ව සිටි නිසා ඔහු අහඹු ලෙස 3 වන විධායක ජනාධිපති ලෙස පත්විය.

චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය –
කටක ලග්නයෙන් උපන් එතුමියගේ 12 වැන්න වූ මිථුන රාහියේ සෙනසුරු මිත්‍ර බාවයෙන් සිටීම නිසා එතුමිය 4 වන විධායක ජනාධිපති බවට පත් විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා –
කන්‍යා ලග්නයෙන් උපන් එතුමන්ගේ සෙනසුරු ග්‍රහයා 11 වැන්න වූ කටක රාහියේ සතුරුව තැන්පත්ව සිටියද එතුමන් 5 වන විධායක ජනාධිපති බවට පත්විය.සෙනසුරු ග්‍රහයා සතුරුව විධායක ජනාධිපති වූ පළමු පුද්ගලයා මෙතුමා විය.එම පත්වීමද ජෝතිෂ්‍ය සිද්ධාන්ත මත සිදුවිය.එනම් එම වර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උප්පත්ති කේන්ද්‍ර සටහනේ සෙනසුරු ග්‍රහයා සිංහ රාශියේ සතුරුව සිට ඇත.සිංහ රාශියේ සතුරුව සිටීම විධායක ජනපති වීමට බාධාවකි.එම නිසා රනිල් පරදා මහින්ද ජනපති විය.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා –
තුලා ලග්නයෙන් උපන් එතුමාගේ 12 වැන්න වූ කන්‍යා රාශියේ මිත්‍රව සෙනසුරු සිටීම නිසා ඔහු 6 වන විධායක ජනාධිපති බවට පත් විය.

හත් වන විධායක ජනාධිපති තේරීමේදී මෙවර ප්‍රධාන අපේක්ෂක දෙපල වන ගෝඨාභය හා සජිත් ගත් විට ගෝඨාභය මැතිතුමාගේ සෙනසුරු ග්‍රහයා 10 වැන්න වූ සිංහ රාශියේ සතුරුව තැන්පත්ව ඇත.සෙනසුරු සතුරුව සිංහ රාශියේ සිටිය රනිල් මැතිතුමාද ඉදිරිපත් වූ දෙවතාවම පරාද විය.එයින් කිය වෙන්නේ සෙනසුරු සිංහ රාශියේ සිටීදී විධායක ජනාධිපති වීමට නොහැකි බවයි.

එබැවින් ජෝතිෂ්‍ය සිද්ධාන්ත අනුව 7 වන විධායක ජනාධිපති ලෙස මෙම ග්‍රහ තාරකා නියත විවරණ ලබා දෙන්නේ උප්පත්තියේ සෙනසුරු සිංහ රාශියේ සතුරුව සිටි ගෝඨාභයට නොව උප්පත්ති කේන්ද්‍රයේ සම බලව 10 වැන්නේ සෙනසුරු තැන්පත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට බව ජෝතිෂ්‍ය අනුව පැහැදිලි වේ.