Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ගේම් පිට ගේම් අස්සේ සජිත් විපක්ෂ නායකත්වයට…. සටන තවම අවසන් නෑ …. පක්ෂ නායකත්වය ලබාගැනිමෙ මෙහෙයුම් තවදුරටත්!

Published on: Jan 3, 2020 – එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (03) දැනුම් දුන්නා.

දහවල් 1 ට රැස්වූ පාර්ලිමේන්තු සැසියේදී කතානායකවරයා මෙම පත්කිරීම සිදු කල බවයි එහි සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 ජනවාරි 3 වන දින රාජාසන කතාවෙන් පසුව පාර්ලිමේන්තුව යලි කල් තැබීමේ සූදානම මේ වනවිට හකුලාගෙන ඇති බව අප දේශපාලන වාර්තාකරු පසුගිය දෙසැම්බර් 24 වන් දින අනාවරණය කළා.

http://lankanewsnetwork.org/archives/22140

සජිත් ප්‍රේමදාස එජාප නායකත්වයට පත් කිරීම වැළැක්වීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ,කථානායක කරු ජයසූරිය එක්ව අලුත් කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළ අතර එම කුමන්ත්‍රණයට අනුව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සජිත්වාදින් සුද්ධ කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේන බවද අප අනාවරණය කළා.

http://lankanewsnetwork.org/archives/22101