Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රාජිත,මහින්දගෙන් සමාව ඉල්ලයි

සොඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහින්ද රාජපක්ෂ හමුවි සමාව ඉල්ලා තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.පසුගියදා කොළඹදි මහින්ද රාජපක්ෂ හමුවු රාජිත සමාව ඉල්ලා ඇත්තේ තමන්ගේ පුතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට කල අපහාසයට බවයි අප වාර්තාකරු සදහන් කළේ.

“…සර් දන්නවානේ ළමයි කියන කතා ගණන් ගන්න එපා…..ඒ ළමයි තාම දේශපාලනය දන්නේ නෑ …ඒ කියපු දේවල් වලට සමාව දෙන්න…..”

මහින්ද රාජපක්ෂ එම ඉල්ලිමට සිනාසී රාජිතගේ පිටට තට්ටුවක් දමමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

මේ අතර එම සමාව ඉල්ලිමට හේතුව  සම්බන්ධයෙන් අප LNW ඔත්තුකරු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාදිමට රනිල් වික්‍රමසිංහ කලින් පොරොන්දු වි සිටියද දැන් එය ප්‍රතිකේෂ්ප කර ඇති බවයි,ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ අජිත් පෙරේරා වන අතර චතුරට නාමයෝජනා දිමට අජිත් තරයෙම විරුද්ධ වි තිබේ.