Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රාජිත කියන්නේ විශ්වාසය කරන්න පුලුවන් මනුස්සයෙක් නොවේ -රනිල්ගේ විශ්වාසයත් භංගයත් වෙලා

රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ මැති ඇමැතිවරුන් 35 දෙනකු සිය අත්සන් ඉල්ලා අස්කරගැනීමට සූදානම් බවට රාජිත සේනාරත්න කල ප්‍රකාශය පිළිගන්නට තරම් තමන් මොඩයෙකු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. 
විශ්වාස භංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා අරලියගහ මන්දිරයේ එජාප ප්‍රබලය හමුවු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ මෙම ප්‍රකාශය රාජිතගේ කුමන්ත්‍රණයෙම කොටසක් බවයි.

විශ්වාස භංගයට පාර්ලිමේන්තුව තුල මුහුණදි එය පරාජය කිරිම හරහා මහා මැතිවරණයේ ඉහල ජයග්‍රහණයක් ලබාගත හැකි බවත් සන්ධාන මන්ත්‍රිවරුන් 35කට වැඩි පිරිසක් ඉන් ඉවත් විමට සුදානම් බව රාජිත ප්‍රකාශ කල බව පක්ෂ ප්‍රබලයන් කිහිප දෙනෙකුම පවසා තිබේ.

එහිදි රනිල් කියා ඇත්තේ…..”ඔක… සන්ධානයේ කුමන්ත්‍රණයක් …මොකද රාජිත කියන්නේ විස්වාසය කරන්න පුලුවන් මනුස්සයෙක් නෙවේ….අන්තිමට ඡන්දෙට ගියාම මම පරාද වෙයි….ඊට පස්සේ ඔයලා මට ගහලා පන්නයි (සිනාසෙමින්)”……..