Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්ද විරෝධී මඩ පොත ලිව්වේ එස්.බි

“මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න” යනුවෙන් මහින්ද විරෝධී මඩ පොත මුද්‍රණය කිරිම සම්බන්ධයෙන්  කල sඅනාවරණයන් සමග මෛත්‍රී- චන්ද්‍රිකා සමග එක්ව එම මඩ පොත මුද්‍රණය කිරිමට දායක වුවන් එකිනෙකා පාවා දෙමින් සිටි.ඒ අනුව අදාළ පොත ලියා ඇත්තේ මෛත්‍රී- චන්ද්‍රිකාගේ ඔඩර් එක මත අධිකරණයට අපහස කර සිරගත වු,පසුගිය ජනාධිපතිවරණ සමයේ චන්ද්‍රිකාව නිර්වස්ත්‍ර කරන බවට කඩප්පුලි කතා කී එස්.බි දිසානායක බව අනාවරණය වි තිබේ.

තමාට දිගින් දිගටම බැන වැදුනද එම පොත මුද්‍රණයේ සහ ශ්‍රිලනීප මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නිල ලාංජනය යොදා තැපැල් කිරිම රාජිත සේනාරත්න මහතාගේ බලපෑමේන් සිදුවු බව මන්ත්‍රි තිලංග සුමතිපාල අප විශේෂ වාර්තාකරුවෙකු සමග පවසා තිබුනා.

මහින්ද විරෝධී මඩ පොත රජයේ මුද්‍රණාලයයෙන් මුද්‍රණය කර පසුව මුලස්ථානයට ගෙන්වා ශ්‍රිලනීප මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නිල ලාංජනය යොදා තැපැල් කිරිම සිදුකල අතර එම වැඩකටයුතු සියල්ලක්ම රජිතගේ අධික්ෂණයෙන් සිදුවු බවද තිලංග සුමතිපාල සදහන් කර තිබේ.