Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මොන්ටිසොරි දරුවන්ට කොටි පාඩම් -යහපාලයට මුවාවී කොටි පෙර පාසල් විවෘත කරයි

මුක්කම්බන් සින්නපල්ලවරායන්කඩ්ඩු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පිපෙන කැකුලු පෙර පාසලේ නව ගොඩනැගිල්ල  හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන මිදුෂන් නමින් විවෘත කර තිබෙන බව අප උතුරේ වාර්තාකරු සදහන් කළා.  ටීඩීඑච් රාජ්‍ය නොවන සංවිධානයේ ආධාර මත ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල කලින් පිපෙන කැකුලු පෙර පාසල ලෙස නම්කර තිබුනද මෙය විවෘත කිරීමේදී එල්ටීටීඊ පාලන සමයේ මෙය පවත්වාගෙන යනු ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු මිදුෂන්ගේ නම සහිතව විවෘත කිරීමේ කටයුතු සිදුකර තිබේ.

මෙම විවෘත කිරීම සදහා පුනරීන් ප්‍රාදේශීය ලේකම් එස් ක්‍රිෂ්නේන්ද්‍රන් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි අතර, මුක්කම්බන් දමිළ මිශ්‍ර පාසලේ විදුහල්පති ටී තීලීපන් හා මෙම පෙරපාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ආධාර ලබාදුන් Terre des homes (TDH) සංවිධානය නියෝජනය කරන ක‍්ෂ්‍ෙත්‍ර නිළධාරී ටාසන් ස්රූටාන් යන අය සහභාගී වි තිබේ.

පසුව ප්‍රාදේශීය ලේකම් විසින් ඔසවන ලද ධජයේ හිටපු එල්ටීටීඊ සාමාජිකයාගේ නම වන  ලෙස සඳහන්ව ඇති අතර, මෙම උත්සවයේ ආරාධිතයන්ගේ කමිසයේ පැළඳීම සඳහා ලබාදුන් ලාංඡනයේද මිදුෂන් පෙර පාසල ලෙසින් නම්කර තිබී.

මෙම විවෘත කිරීම සඳහා පුද්ගලයන් වෙත සහභාගීවීමට යවන ලද ආරාධනා පත්‍රයේ මිදූෂන් පෙර පාසල විවෘත කිරීමේ උත්සවය ලෙස සඳහන් කර තිබේ.