Uncensored News Of The Sri Lankan Regime

Advertisement

එක්සත් ජාතික පක්ෂයට ගොට්ට ඇල්ලිම නතර කර රට වෙනුවෙන් තින්දුවක් ගනු!

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජික හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලෙන් පත්වූ  නායක මෛත්‍රීපාල සිරිසේන නිල කාලය නිමව ඇති පළාත් පාලන ආයතන ලබන 15 වෙනිදා සිට කොමසාරිස් පාලනයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.පයාගලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ එසේ වුවද පළාත් පාලන මැතිවරණයට පෙර මහ ඡන්දය පවත්වන බවයි.

මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කොට සම්පූර්ණ රාජ්‍ය බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමේ කොන්ත්‍රන්තුවේ තවත් පියවරක් මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජික හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලෙන් පත්වූ  නායක මෛත්‍රීපාල සිරිසේන විසින් සම්පූර්ණ කරනු ලැබේ.

බලයට පත්වූ දා සිට අදවන තුරු මෛත්‍රීපාල ගත් සෑම දේශපාලන තීන්දුවක්ම එක්සත් ජාතික පක්ෂ්යේ අභිවුර්ධිය සඳහා ගත් එවාය. නමුත් ඔහු තම පක්ෂ නායක ලෙස සිටින නිසා පක්ෂය්ක් ලෙස මේවාට විරුද්ද වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොහැකි වී ඇත.

වෙනැකක් තබා පාර්ලිමේන්තුව තුල නිල බලය ඇති විපක්ෂ නායක පවා පත්කර ඇත්තේ ආන්ඩුව කරවන එක්සත් ජාතික පක්ෂයට ගොට්ට අල්ලන්නටය.

ලෝක දේශපාලන ඉතිහාසයේ මෙවැනි විහිලු ගැන අප අසා නැත.  රටක ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම නායකයන් එක පක්ෂකින් වූ පලමු අවස්තාව මෙය විය යුතුය. මෙවැනි සෝචනීය තත්වයකට ශ්‍රී ලංකා පක්ෂය පත්වුයේ ඇය්.  ජනවාරි 8 පැවති ජනාධිපතිවරණයේ උනුසුම මැකෙන්නටත් පෙර සුදු කොඩිය ඔසවාගෙන මෛත්‍රිපාලගේ ඔඩොක්කුවට පැන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පාවා දුන් තැනත්තා පක්ෂ නායක කරගත්  දයාසිරි ජයසේකර, රෙජිනොල්ඩ් කුරේ , සරත් අමුනුගම වැනි කොන්ද පන නැති දේශපාලුවන් පිරිසටත් ඉන් පසුව රජයේ තනතුරු බලාපොරොත්තුවෙන් මෛත්‍රීපාලට එක්වී පක්ෂ බලය සහමුලින්ම සතුරාට පාවා දුන් නිමල් සිරිපාල, අනුර යාපා, ඩිලාන් පෙරෙරා, සුසිල් ප්‍රෙමජයන්ත වැනි බත්ගොට්ටන්ටත් සමාව දීමට ආත්ම ගෞරවයක් ඇති සැබෑ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්ට  පුලුවන්ද ?.

ලංකාවේ ප්‍රජාතන්තරවාදය දරුණු අගාධයකට වටෙමින් පවතී. දුර දක්නා නුවන ඇති, කොන්ද පන ඇති මිනිසුන් මේ වෙනුවෙන් යමක් නොකලොත්  තව සුලු කලකින් අප ප්‍රමාද වූවා වැඩි විය හැක.

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com