Uncensored News Of The Sri Lankan Regime

Advertisement

19 සම්මත කර විධායක බලය සහිත අගමැති මහින්ද කරනවා

19 වැනි සංශෝධනය සම්මත කර විධායක බලය සහිත අගමැතිවරයා බවත් මහින්ද රාජපක්ෂ පත්කිරිමට කටයුතු කිරිමට සියල්ල සුදානම් බව ඊයේ ශ්‍රිලනිප මධ්‍යම කාරක සහාවේ රැස්විමෙන් පසුව LNW.today  ඇමතු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුම සදහන් කළා.

රනිල් සහ චන්ද්‍රිකාගේ ගැටවලට හසුව සිටින මෛත්‍රීපාල සිරිසේනට 19 සම්මත කිරිමට නොහැකි වුවහොත් සිදුවන්නේ චන්ද්‍රිකාගේ සෙරෙප්පු පහර කැමට නිසා කෙසේ හෝ 19 සම්මත කිරිමට සිදුවන බව මෛත්‍රී කියා සිටි බවද ඔහුන් සදහන් කළා.

එම නිසා මෙය අවස්ථාවක් කර ගනිමින් සියලු දෙනා එක්ව 19 සම්මත කිරිමට එකඟ වුයේ සම්මත වු වහාම මැතිවරණයක් පැවැත්විය යුතුයි යන පදනමින් බවද ඔහුන් සදහන් කළා.

එම ,මහා මැතිවරණයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති කිරිම හරහා යලිත් රටට අහිමි වෙමින් තිබෙන බොහෝ දේ ලබාගත හැකි බවද ඔහු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com