Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඊළාම් ඩයස්‌පෝරාවේ ඉල්ලිමට Channel 4 වැඩ අරඹයි

ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට ඒත්තු ගැන්වීමේ මෙහෙයුමක්‌ බ‍්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනී කණ්‌ඩායම දියත් කර තිබේ.

මානව හිමිකම් සැසිවාරය මෙම 14 දා ආරම්භ වීමට නියමිත අවස්‌ථාවේ චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ ඇතුළු පිරිස ආජන්ටිනාව, බොලිවියාව, පැරගුවේ, බ‍්‍රසීලය සහ මෙක්‌සිකෝවේ සංචාරයක නිරත වෙමින් ශ‍්‍රී ලංකාව වරදකරු කිරීමට සහය වෙන ලෙස ඉල්ලා තිබේ.

මෙම රටවල් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ය. චැනල් ෆෝ සංවිධාන කණ්‌ඩායම ලතින් ඇමරිකානු රටවලට යවා ඇත්තේ බ‍්‍රිතාන්‍ය ඊළාම් ඩයස්‌පෝරාව බව හෙළි වී ඇත.

චැනල් ෆෝ ඊළාම් ඩයස්‌පෝරාවේ කොන්ත‍්‍රාත්තුව බාරගෙන ඇති බව මින් තහවුරු වෙනවා යෑයි බ‍්‍රිතාන්‍යයේ ශ‍්‍රී ලාංකික පාර්ශ්ව හෙළිකර ඇත.

මෙකී චැනල් ෆෝ කණ්‌ඩායම ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව නිර්මාණය කළ වීඩියෝ පට දෙක ද ලතින් ඇමරිකානු රටවල ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.

කිර්තී වර්ණකුලසූරිය