Uncensored News Of The Sri Lankan Regime

Advertisement

දෙමුහුන් අධිකරණ,ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතීඥයින් අනිවාර්‍යයි-කොංග්‍රස් පක්‍ෂයේ නියෝජිතයින් ජෝන් කෙරීට ලියයි

ඇමරිකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රි ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පතට දෙමුහුන් අධිකරණ ක්‍රියාවලිය ඇතුලත් කරන මෙන් ඇමරිකානු කොංග්‍රස් පක්‍ෂයේ නියෝජිතයින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගෙන් ඉල්ලීමක් කර තිබේ.පසුගිය 21 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලිම කර තිබේ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ඇමරිකාව තහවුරුකල යුතු බව ඇමරිකානු කොංග්‍රස් පක්‍ෂයේ නියෝජිතයින් 11 දෙනෙකු අත්සනින් යුතුව කෙරීට යැවු ලිපිය මගින් ඉල්ලා ඇති බව අනාවරණය වේ.දෙමුහුන් අධිකරණ ක්‍රියාවලිය, ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතීඥයින් සහ නීති සම්පාදකයින්ගෙන් සැදුම්ලත් මිශ්‍ර අධිකරණ ක්‍රියාවලියට ඇමරිකාව සහයෝගය ලබාදිය යුතු බවට එම නියෝජිතයින් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ඉල්ලිම නොසලකා හැරීම අනාගත ඇමරිකානු කොංග්‍රස් පක්‍ෂයේ දේශපාලන ක්‍රියාවලියට බලපෑමක් ඇති කිරිමට ඉඩ ඇති බවද එම ලිපිය හරහා දැනුම් දි තිබේ.