Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්ද මැතිවරණයට ආවොත් අපේ ස්වයං පාලනය නැති වෙනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට පිවිසීම හරහා උතුරේ ස්වයං පලනය සම්බන්ධයෙන් තම සංවිධාන තබා තිබේන බලාපොරොත්තුව ඇතට විසිවි යන බව කොටි සංවිධානයේ බෙදුම්වාදී සංවිධාන සමුහයෙන් සමන්විත දමිළ ඩයස්පොරාව කැනඩාවේ අද පැවති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර යෝර්ක් විශ්වවිද්‍යාලයේ පැවති ඩයස්පොරාවේ රැස්විමකදි මේ බව අනාවරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ යලි බලය ලබා ගැනිම හරහා දෙමළ ජනතාවගේ ස්වයං පාලනය සම්බන්ධයෙන් තබා තිබේන බලාපොරොත්තුව සම්පුර්ණයෙන් විනාශ වි යැම කිසිවෙකුටත් නතර කර නොහැකි බව මෙහිදි අවධාරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂට යලිත් දේශපාලනයට පිවිසිමට නොහැකි වන පරිදි කටයුතු කිරිම ජාත්‍යන්තර වගකිමක් බවත් ඒ සදහා ඩයස්පොරාවේ සියලුම කණ්ඩායම් ජාත්‍යන්තරයට බලකල යුතු බවද එහිදි අවධාරණය කර තිබේ.