Uncensored News Of The Sri Lankan Regime

Advertisement

වෙලේ සුදා යට යයි -දුමින්ද,මර්වින්,ජෝන්ස්ටන් ගොඩයයි!

යහපාලකයන්ගේ වඩාත්ම ජනප්‍රියම් වචනය බවට පත්වු  සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා ගැන දැන් හාංකවිසයක් යහපාලකයන්ට අමතක විමට හේතුව අනාවරණය වෙමින් තිබේ.ඊට හේතුව වී ඇත්තේ හෙට අනිද්දාට යහපාලන මඩගොඩේ වෙලේ සුදාගේ කුඩු ගෑවුනු උන්ද සිටින නිසා බව අප වාර්තාකරු අනාවරණය කර සිටි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව සැකසෙන යහපාලන ආණ්ඩුවේ කටුකන ඇමති භාග පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වාට සහ හිටපු කුප්‍රකට අමාත්‍යවරයෙකු වන ජෝන්ස්ටන් ප්‍රනාන්දුට රාජ්‍ය අමාත්‍යධුරයක් ලබාදීමට තීරණය කිරිමයි.

මිට අමතරව තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට සූදානම් බවට වාර්තා වේ.මේ සමඟ මුළු අමාත්‍යවරුන් සංඛ්‍යාව 77 සිට 92 දක්වා ඉහළ යනු ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com