Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මම ආවේ දෙමළ ඊළාම් මාතෘ භූමියේ ඉදලා

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28 වන සැසිවාරයට සහභාගි වී සිටින  උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ගේ නම එහි නාම ලේඛනයේ සදහන්ව ඇත්තේ දෙමළ ඊළාම් මාතෘ භූමියේ සිට පැමිණි අයෙකු ලෙස බව ජිනීවාහි සිටින අප LNW  විශේෂ වාර්තාකරු සදහන් කළේ.

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28 වන සැසිවාරයට සහභාගි වී සිටින උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන ප්‍රධානින් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙන අතර  ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව සිදුවෙමින් තිබෙන්නේ ජාති ඝාතනයක් බව සදහන් සම්මත කරගත් යෝජනාවේ පිටපතක් සිවාජිලිංගම් මන්ත්‍රීවරයා විසින් Lee Scott වෙත භාරදී තිබෙන බවද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com