Uncensored News Of The Sri Lankan Regime

Advertisement

TNA කඩන රනිල්ගේ හිවල්ලු

දෙමළ ජාතික සන්ධානයට පිටුපස දොරින් ඇතුළු වී ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටින එම්.ඒ.සුමන්දිරන්, ඉවත්  කරමින් දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරිමේ කුමන්ත්‍රණය පසුපස රනිල්ගේ අලුත්ම ගල් කොලුවා වන ඩීල් කුමාර හේවත් අනුර කුමාර දිසානායක සිටින බව අනාවරණය වි තිබෙන බව LNW  විශේෂ වාර්තාකරු පවසයි.

ඉන්දිය “රෝ” සංවිධානයේ ඉල්ලිම මත අග්‍රාමාත්‍යවරයා TNA දෙකඩ කිරිමේ මෙහෙයුම ආරම්භ කර තිබෙන අතර ඒ සදහා යොදවාගෙන ඇත්තේ දේශප්‍රේමී සමාජ ගැත්තෙකු වන අනුරය.

මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ද්‍රෝහියෙකු වන ඩග්ලස් දේවානන්දන්ගේ පක්‍ෂය ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් සුමන්දිරන් මන්ත්‍රීවරයා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාව සදහා සහභාගි අනුර පසුව සුමන්දිරන් තමන්ගේ පක්ෂය පවාදිමට කටයුතු කරන බව පවසමින් ඡායාරූප කිහිපයක් දමිළ පුවත් පත් සහ වෙබ් අඩවි සදහා ලබාදි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com