Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්දව යුධ අධිකරණයට ගෙනියනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙග් යුධ අධිකරණය රැගෙන යාම සදහා උතුරු පළාත් සභාව සම්මත කළ ශ්‍රී ලංකාවට එරෙහි ද්‍රවිඩ ජාති ඝාතන යෝජනාව ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට භාරදිමට පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් සහ ආනන්දි සසිදරන් ජිනිවා බලා ගොස් තිබේ.කොටි සංවිධානය ගැන කිසිදු සඳහනක්‌ කර නැති මොවුන් ශ්‍රී ලංකා හමුදාව විශාල ලෙස ද්‍රවිඩයන් ඝාතනය කළ බවට සාවද්‍ය චෝදනා නඟා ඇත.

පසුව  ඔවුන් දෙදෙනා සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් විසින් ජිනීවා මාධ්‍ය සමාජ ශාලාවේදී සමුළුවක්‌ පවත්වා තිබේ.ඊළාම් ද්‍රවිඩ කවුන්සිලයේ ප්‍රධානි ශ්‍රී රාජන් නමැත්තා ඇතුළු ඊළාම්වාදීන් රැසක්‌ මෙම සමුළුවට සහභාගිවී තිබේ.

එහිදි ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සදහන් කර ඇත්තේ ස්වයං පාලනය ඉතා ඉක්මනින් ස්ථාපිත කරන බවත් මෙම ජාති ඝාතන යෝජනාව හරහා මහින්ද රාජපක්ෂ ඇතුලු තමන්ගේ නායකයා හා ජනතාව ඝාතන කළ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com