Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඊළම වෙනුවෙන් ජනමත විචාරණයක්!

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩු ද්‍රවිඩ ජාතිය විනාශ කරන බැවින් ඉතා ඉක්මනින් උතුරේ ඊළම නිල වශයෙන් ස්ථාපිත කිරිම සදහා  උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක්‌ පවත්වන ලෙස පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත සංදේශයක්‌ යවමින් ඉල්ලා තිබේ.

උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට දේශපාලන විසඳුමක්‌ ලබාගැනීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක්‌ පවත්වන ලෙසත් එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට එවන ලෙසත් ඔවුන් කිසිදු අවසරයකින් තොරව උතුරු නැගෙනහිරට ගොස්‌ සාක්‌කි සටහන් කර ගැනීමට කටයුතු කළ යුතු බවත් දක්‌වා තිබේ.

පෙබරවාරි 23 දා යවා ඇති මේ සංදේශයෙන් යුරෝපා සංගමය, ඇමරිකාව, ඉන්දියාව සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී ශ්‍රී ලංකාවට දේශපාලන විසඳුමක්‌ දිය යුතු බව ද සිවාජිලිංගම් ඉල්ලා තිබෙන බව අප වාර්තාකරු සදහන්කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com