Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්දට අම්බානකට භය වේ -හෙංචයියෝ කටුනායකට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරිම  වැලැක්විම සදහා විශේෂ වැඩමුළුවක්  හෙට සහ අනිද්දා (සෙනසුරාදා හා ඉරිදා) දිනයන්හිදී කටුනායක ප‍්‍රදේශයේ හෝටලයකදී පැවැත්වෙන බව LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

මීළඟ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ යුතු බවට එල්ල වන පීඩනය හමුවේ ක‍්‍රියා කල යුතු ආකාරය සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මෛත්‍රී පිහිටෙන් ශ‍්‍රීලනිප උප සභාපතිවරයකු ලෙස පත්වු අමාත්‍ය රාජිත සේනාරත්න සහ විපක්ෂ නායක නිමල් සිරිපාල මෙම වැඩමුළුව සම්පාදනය කිරිම පසුපස සිටින අතර මිට අ අතරව මෙම වැඩමුළුව සදහා ශ්‍රිලනිප ප්‍රධාන චරිත කිහිපයක්ම සහභාගි විමට නියමිත වන අතර එක්සත් ජාතික පක්ෂයේ උපදේශකයෙකුද  සහභාගි විමට නියමිතයි.
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com