Uncensored News Of The Sri Lankan Regime

Advertisement

සජිත්ව,බුද්ධිකව කොටු කරන්න දැල එලයි

නිවාස හා සමෘද්ධි කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මන්ත්‍රිවරුන් විහාරස්ථාන ඇතුලු විව්ධ සංවිධාන සදහා බෙදා දෙන ආධාර සදහා මුදල් ලැබෙන ආකාරය පිළිබඳව  වහාම පරික්ෂණයක් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ රනිල් වාදින් පිරිසක් පැමිණිල්ලක් කිරිමට සුදානම් වන බව  වාර්තා වේ.

පසුගියදා  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ දේශපාලන සංවිධායකවරුන් අද (17) රහස් පොලිසිය වෙත කැඳවා මන්ත්‍රීවරයා වසර ගණනාවක් තිස්සේ පාසල් ළමුයින්ට පොත්පත් ලබාදීම දුගී ජනතාවට නිවාස තනා ගැනීමට අවශ්‍ය සෙවිලි තහඩු ඇතුළු උපකරණ ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනු ලැබුවා.

ඒ අනුව මේ මන්ත්‍රිවරුන් දෙදෙනා දිගින් දිගටම සල්ලි වියදම් කරමින් කරන සමාජ වැඩසටහන් ගැනද පරික්ෂණයක් සිදුකළ යුතු බවයි එම මන්ත්‍රිවරුන් පිරිස පෙන්වා දි ඇත්තේ.ඒ අනුව පසුගියදා එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම හමුවු මෙම කණ්ඩායම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය පැවති සමයේ සජිත් ප්‍රේමදාස සමග එක්ව කටයුතු කල අනිකුත් ජනතා නියෝජිතයන් සම්බන්ධයෙන්ද තොරතුරු සොයා බලා ඔහුන්ට එරෙහිවද කටයුතු කිරිමට සම්පාදනය කරන ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා එම කණ්ඩායමට උපදෙස් ලබාදි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com