Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ජෝන් ගෙදර යවමු-මෛත්‍රී ශ්‍රිලනීප මන්ත්‍රින්ට කියයි

ජෝන් අමරතුංගට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරිම සදහා සහය දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පවසා තිබෙන බව LNW ඔත්තු සේවය වාර්තා කරයි.ජෝන් අමරතුංග පරාජය කිරිම හරහා එජාපයේ බලය බිඳීය හැකි බවයි මෛත්‍රී මන්ත්‍රිවරුන්ට පෙන්වා දි ඇත්තේ.

එ අනුව ඉදිරියෙදි අග්‍රාමාත්‍ය ධුරයේද යම් වෙනස්කමක් ඇති කිරිමට හැකියාවක් පවතින බවද ජනපති මෛත්‍රීපෙන්වා දි තිබේ.දුරකථනය හරහා මන්ත්‍රිවරුන් ඇමතු මෛත්‍රීපාල සදහන් කර ඇත්තේ ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයේදි එජාපය පරාජය කිරිමට මෙම විශ්වාසභංගය හරහා  ජෝන් පැරදවිම අතිශය වැදගත් බවයි.