Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රනිල්ට හෙටක් නැත -ලැජ්ජා නහර ඇත්නම් වහාම රජය ගෙදර යනු!

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හරහා කෝටි 270 කට අධික මුදලකට විද්ද රනිල්- මෛත්‍රී ප්‍රමුඛ හොරු රැලට අද පාර්ලිමේන්තුවේදි යස පාඩමක් ඉගැන්වීමට හැකියාව ලැබිනි.

රුපියල් බිලියන හාරසියක (කෝටි 40000) භාණ්ඩාගාර බිල්පත්  ලබා ගැනීමට  රජය ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7)පරාජය විය.පනතට එරෙහිව ඡන්ද  52ක් දපක්ෂව ඡන්ද 31 ක් ද ලැබිණි. ඡන්දය විමසන අවස්ථාවේ අගමැති හෝ මුදල් ඇමැති පාර්ලිමේන්තුවේ සිටියේ නැත

මේ අතර මුදල් රෙගුලාසියක් පරාජය විම නිසා රජය වහාම ඉල්ලා අස්විය යුතුයැයි මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අද ප්‍රකාශ කළා.

එසේ ඉල්ලා අස් නොවන්නේ නම් හෙට (08) රජය යළිත් ඡන්දයකට ගොස් එම පනත ජයගෙන පෙන්විය යුතුයැයි ඔහු කියා සිටියේය.

අගමැති , මුදල් ඇමැති , විපක්ෂ නායක ,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමැතිකම් ගත් මන්ත්‍රීවරුද ඡන්දය විමසන අවස්ථාවේ නොසිටි බවත් ඔහු කීවේය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com