Uncensored News Of The Sri Lankan Regime

Advertisement

සුලං කොපමණ සැරෙන් හැමුවත් …. ඔබයි ගල් කුලක් සේ නැගී සිටියේ ….

සුලං කොපමණ සැරෙන් හැමුවත් ….
සැලෙන්නේ නැති ගල් කුලක් සේ …..
රිදුම් දෙන නින්දා ප්‍රශංසා….
හමද්දි නැනවත්තු නොසැලෙත්….//

දැන් නිහඬව සිටියා ඇති, අගාධයට යමින් තිබෙන රට බේරාගන්නට අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න’ කියා මෙහි දී හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට මහජන නියෝජිතයන් ඇතුළු ජනතාව හෙට පෙරවරු 8.00ට දෙවිනුවර උපුල්වන් දේවාලය අසලින් ආරම්භ වි පෙරවරු 9.00ට තංගල්ල කාල්ටන් නිවස වෙත යාමට නියමිතය.

මෙම අවස්ථාවට සහභාගිවන ජනතාවට පෙරවරු 8.00ට දෙවිනුවර උපුල්වන් දේවාලය අසලට හෝ පෙරවරු 9.00ට තංගල්ල කාල්ටන් නිවස අසලට එක්වන ලෙස මෙම රථ පෙරහර සංවිධායක වන බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටී.

ඉදිරි මහ මැතිවරණයේ දී සිය සහභාගිත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‍හෙට පෙරවරු 10.30ට වීරකැටිය, මැදමුලන නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.