Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අලුත් අවුරුද්දට ඊළාම් රාජ්‍යය පිහිටුවනවා!

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ පරිපාලනය යටතේ ශ්‍රී ලංකාව තුල දෙමළ ඊළාම් ස්වාධීන රජයක් පිහිටුවීම සදහා වන කටයුතු මෙම නව වසරේදී සිදුකරන බවට දිවුරා පොරොන්දු වන බව ටී.වේල්මුරුගන් නැමැති දමිළ ඩයස්පොරාවේ ප්‍රභලයෙකු උතුරේ ජනතාවට පණිවිඩයක් එවමින් දිවුරා පොරොන්දු ලබාදි තිබේ.

සිංහල ජාතිවාදීන් විසින් අපගේ මාතෘ භූමිය තුල සිදුකල කුරිරු ඝාතනයන් වල වේදනාව තවමත් අපගේ සිත් තුලින් නොමැකී ගොස් නැති බවත්  ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා, දෙමළ කතා කරන ජනතාවගේ ඡන්දයෙන් පත්වී ඇති බවත් ඒ හෙතුවෙන් ඊළාම් මවුබිම ලැබිම නිසැක බවත් ඔහු සදහන් කර තිබේ.

ජාත්‍යන්තර ප්‍රජාව තහනම් කල රසායනික අවි ආයුධ භාවිතා කර, දෙමළ ජාති ඝාතනයක් සිදුකල මහින්ද රාජපක්‍ෂව යුද අපරාධකරුවෙකු ලෙස ජාත්‍යන්තර අධිකරණයට රැගෙන යන තුරු අප නිහඩ නොවන බවට හින්දු අළුත් අවුරුදු දිනයේදී අප දිවුරා පොරොන්දු විය යුතු බවද ඔහු අවධාරණය කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com