Uncensored News Of The Sri Lankan Regime

Advertisement

‘වෙලේ සුදා’ගේ අතුරුදහන් පොත ආරක්ෂක අමාත්‍යාංශයේ!

මෙරට මහා පරිමාණයේ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘වෙලේ සුදා’ නමැත්තාට එරෙහිව පවතින කුඩු නඩුවකට අදාළ සටහන් යෙදූ ගල්කිස්ස පොලිසියේ තිබි අස්ථානගත වු තොරතුරු පොත ආරක්ෂක අමාත්‍යංශයේ සුරැකිව තිබෙන බව අප LNW ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

ආණ්ඩුව සමග ඉතා සමිපව කටයුතු කරන යහපාලන ආණ්ඩුව රකින කිහිප දෙනෙකුගේ හොරකම් හෙලිවිම නතර කිරිම සදහා මෙම තොරතුරු පොතතොරතුරු පොත ආරක්ෂක අමාත්‍යංශය විසින් රැගෙන ගොස් තිබෙන බවයි ඔහු සදහන් කළේ.

තොරතුරු පොත අස්ථානගත වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ගල්කිස්ස පොලිස් ස්ථානය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ඊයේ (16) නියෝගයක්ද නිකුත්කර තිබේ.

මවුබිම වාර්තාව