Uncensored News Of The Sri Lankan Regime

Advertisement

කෝපායි පොලිසිය වටකරයි!

ආරවුලක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් විභාග කිරිම සදහා පැමිණි ද්‍රවිධ කාන්තාවට අමානුෂික ලෙස පහරදුන් බවට  පවසමි  ශ්‍රි ලංකා පොලිසියට චොදනා කරමින් එම පොලිස් ස්ථානයට ප්‍රහාරයක් එල්ල කල යුතු බවට කෝපායි ප්‍රදේශයේ තරුණ සංවිධාන සුදානමි වෙමින් සිටින බව උතුරේ LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

කාන්තාවකට විරුද්ධව, තවත් අයෙකු කෝපායි පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති අතර  විත්තිකාර කාන්තාවට ඊයේ (06) දහවල්  පොලීසියට පැමිණෙන ලෙස සඳහන් ලිපියක් යවා තිබියදි වෙලාව පසුවි පැමිණි බව පවසමින් අදාළ පැමිණිල්ල පිළිබඳව විභාග කරන පොලිස් නිලධාරියා මෙම කාන්තාවට බැණවැදී තිබෙන බවයි ඇය සදහන් කර ඇත්තේ.

කෝපයට පත් පොලිස් නිලධාරියෙකු එම කාන්තාව වාඩි වී සිටි පුටුවෙන් පහතට ඇදදමා පහර දුන් බවත් තවත් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු ඇයගේ කෙස් වැටියෙන් අල්ලා දරුණු ලෙස පහරදී  තමන් විලාප දෙද්දීත් පහර දුන් පොලිස් නිලධාරීන් ඇයට සිරකූඩුවට ඇද දැමු බවයි අදාල කාන්තාව පවසා ඇත්තේ.

සිද්ධිය වාර්තා විමෙන් පසුව දෙමළ විමුක්ති තරුණ කණ්ඩාම ලෙස හදුන්වන කණ්ඩායම් එම ප්‍රදේශයේ නිවස් හාඅ තේ කඩ අසලට වි පොලිසියට පහරදිය යුතු බවත් ඒ සදහා හැමොම එකට එකතු විය යුතු බවත් පවසා තිබෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ.අද රාත්‍රියේ පොලිසියට එරෙහිව පොස්ටර් ඇලවිමටද ඔහුන් සුදානමක් ඇති බවට තොරතුරුද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com