Uncensored News Of The Sri Lankan Regime

Advertisement

විමල්ගේ දියණියගේ පාසලට බුද්ධි අංශ යයි

හිටපු ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ දියණිය ඉගෙනුම ලබන විශාඛා විද්‍යාලයට ජහපාලක ආණ්ඩුවේ  බුද්ධි අංශ නිලධාරින්  දෙදෙනෙකු ගොස් ගුරුවරුන් සහ ශිෂ්‍යයාවන්ගෙන් විමල් වීරවංශ මහතාගේ දියණිය ගැන විමසිම් කර තිබෙන බව වාර්තා වේ. විමල් විරවංශ මෙන්ම ඔහුගේ දියණියටද කටක් ඇති බව පවසමින්  බුද්ධි අංශ නිලධාරින්  සොයා බලා ඇත්තේ ගුරුවරියකට තර්ජනය කිරිමක් හෝ සොයා ගත හැකිද යන්නයි.

දුෂණ වංචා චෝදනා එල්ල වී ඇති තෝරුන් මෝරුන් සිටියදී ශෂී වීරවංශලා වැනි අය අත්අඩංගුවට ගැනීම රජය කෙරෙහි ජනතාව අප‍්‍රසාදය ට පත් කරවන්නට පොලීසිය විසින් සිදු කරන්නක්දැයි සැක සිතෙන බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතාම පැවසිම තුලින් පෙනෙන ඉතා පැහැදිලි කරුණ නම් මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ පලිගැනිම පමණක් බවයි.

මේ අය දන්නව මේ ගවපාලනය ශෂී ව අල්ලගෙන කරන්නෙ අන්ත නින්දිත පහත් වැඩක් බව​. ඒ වැඩෙන් ජනතාව අප්‍රසාදයට පත් වෙමින් තිබෙන නිසා දැන් ගලේ පහරපු හොර බලල්ලු වෙන්න හදනව​.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මාර්තු මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා. ඒ, ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ලෙස ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව පවතින චෝදනාවට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com