Uncensored News Of The Sri Lankan Regime

Advertisement

කොටින්ට පණ දෙන NGO නඩ!

රාජ්‍ය නොවන සංවිධාන එක්ව සිංහල කොටින්ට යළි පණ දීමේ කි‍්‍රයාවලියක් අරඹා ඇතැයි සිංහල රාවය සංවිධානය අනාවරණය කර සිටි. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අනාවරණය කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන බුද්ධි අංශ නිලධාරීන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළකද නිරත වෙමින් සිටින බවයි.පසුගිය කාලයේ ත‍්‍රස්තවාදයෙන් කරගත නොහැකි වූ දේ ඉටුකරවා ගැනීමට දෙමළ ජාතික සන්ධානය තවදුරටත් කි‍්‍රයාකරමින් ඇතැයි ද එම සංවිධානය අනාවරණය කර සිටි.

මෙහි එක් පියවරක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන  යොදා ගනිමින් ඔහුන් සමග සමීප සම්බන්ධ කම් පවත්වන වෙබ් අධවී හරහා රටේ ආරක්ෂක අංශ ප්‍රධානින් ඉලක්ක කර විවිධ මඩ හා අපවාද එල්ල කිරිමට කටයුතු කරමින් සිටි. ඊට අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට වෙබ් ඔස්තාර්ලා යැයි කියාගත් කිහිප දෙනෙකු යටතේ කණ්ඩායමක් පත්කර තිබෙන බවද අනාවරණය වි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com